spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දීපවාලියෙන් හොඳට හම්බ කරගත් ලංගම ඩිපෝව

දීපවාලි උත්සව සමය තුළ දී මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක
ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවා.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දීයි හැටන් ලංගම ඩිපෝවේ සහකාර කළමනාකාර පාලන එම්.මහනාම මේ බව සඳහන් කළේ.

මෙම මස 08 වන දින සිට 14 වන දින දක්වා සතියක කාලය තුළ දී හැටන් කොළඹ, හැටන් මහනුවර ප්‍රධාන මාර්ග ඇතුළු අනිකුත් වතු ආශ්‍රිත මාර්ගවල බස් රථ ධාවනයෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වූ
බවත් ලංගම හැටන් ඩිපෝව පැවසුවා.

මෙම ආදායම ලබා ගැනීමට තම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුළු සමස්ත සේවක පිරිස ම දැඩි කැපවීමක් සිදු කළ බවත් එම සියලුම දෙනාගේ එකමුතුකම හා කැපවීම මත මෙවන් ආදායමක් මෙම ඩිපෝවට ලබා ගැනීමට හැකි වු බව ද ඔහු වැඩිදුරටත් පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?