දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති සහභාගිත්වයෙන්

ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කරන ලද අතර, සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය මෙය වීම විශේෂත්වයක්.

හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුළ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬු වහන්සේලා සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම සිදුවුණා.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ පූජනීය නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුරතින් සිදුකෙරුණා.

මේ අතර දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ඉදි කළ සුවිසල් කාමර 20කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 04කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම ද මෙහිදී සිදු වුණා.

මෙහිදී අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ දීඝවාපිය චෛත්‍යයේ සහ මුහුදු මහා විහාරය ඇතුළු සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කළ බවයි.

“දීඝවාපිය අරුණ භාරය” නමින් අරමුදලක් ස්ථාපිත කර දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රැස්කළ බව සඳහන් කළ ඔහු මේ වන විට මහා දාගැබ අඩි 62.3ක් ඉහළට ඉදිකර තිබෙන බවත්, මෙහි එක අඟලක් ඉදි කිරීමට ස්ථූප ගඩොල් 72,000ක් අවශ්‍ය වන බවත් පැවසුවා.

මේ සඳහා ශ්‍රම දායකත්වය ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන අතර, බැතිමත් ජනතාව ලබාදෙන නොමද අනුග්‍රහය ද අගය කරන බව ඔහු එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40