දිළිඳු ජනතාව සවිබල ගැන්වීමට රුපියල් බිලියන 200ක සමාජ ආරක්ෂණ ජාලයක්

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් ගෙවා ඇති බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.

2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308ක් බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද (08) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

“2021 සහ 2022 වසරවල දැඩි ආර්ථික අපහසුතාවයන් ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම රජය සිය වගකීමක් ලෙස සලකණු ලබනවා. සමෘද්ධි ආධාර, සමෘද්ධි ණය, වයස 70 වැඩි වැඩිහිටියන් සඳහාවන දීමනාව, වසර 100 වැඩි වැඩිහිටියන් සඳහා වන දීමනාව, ආබාධිතයින් සඳහාවන දීමනාව, වකුගඩු ආබාධ සහිත රෝගීන් වෙත ලබාදෙන දීමනාව සහ අස්වැසුම දීමනා ලෙස 2023 වසරේ දී පමණක් රුපියල් මිලියන 184,098.27ක මුදලක් රජය විසින් අවශ්‍යතා සහිත පිරිස් වෙත ලබාදී තිබෙනවා. තව ද, අස්වැසුම අභියාචනා සහ හිඟ මුදල් ද සමඟ 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය වෙනුවෙන් රජය වැය කළ මුළු මුදල රුපියල් මිලියන 189,650.95ක් පමණ වනවා.
අස්වැසුම පළමු වටයේ දී සහන නොලැබූ පිරිස් වෙත 2024 පෙබරවාරි මස රුපියල් මිලියන 1813ක සහන සලසා දෙනු ලැබුවා. ඊට අමතරව අස්වැසුම අභියාචනා සලකා බැලීමෙන් පසුව තවත් රුපියල් මිලියන 13,697.35ක මුදලක් දිළිඳු ජනතාව වෙත ලබා දී තිබෙනවා.සමෘද්ධි ණය වශයෙන් ලබාදුන් මුදල ද සමඟ 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් මිලියන 199,608.62 ක් වනවා. එනම් රුපියල් බිලියන 200 කට ආසන්නයි.
2022 ජුලි මස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමේන් පසුව 2023 දෙසැම්බර් (මාස 17 තුළ) දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 129.93ක් ලබාදී ඇති අතර, එහිදී සමෘද්ධි සහනාධාර ලෙස රුපියල් බිලියන 65.91 ක් දිළිඳු ජනතාව වෙත ලබා දී තිබෙනවා. සමාජ ආරක්ෂණ ගෙවීම් වෙනුවෙන් (උපත්, විවාහ, මරණ, රෝග, සිප්දොර ශිෂ්‍යත්ව, නිවුන් දරු උපත්) ලබා දී ඇති මුදල රුපියල් බිලියන 4.52ක් වනවා. මීට අමතරව සමෘද්ධි බැංකු ණය වශයෙන් රුපියල් බිලියන 59.5ක මුදලක් ද එම කාලසීමාව තුළ ලබාදී තිබෙනවා.
එසේම මේ වසරේ දී පාසල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන්, ගැබිණි මව්වරුන් සඳහා ආධාර වැඩසටහන් ද, නොමිලේ සහල් කිලෝ 20 බැගින් දිළිදු පවුල් වෙත ලබාදීම ද රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා. කාන්තා දිනයේ දී ගරු ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ “ලිය සවිය” ණය වැඩසටහන යටතේ 12% පොළියට ණය බරින් පෙළෙන කාන්තාවන්ට සහන සැලසීමට පියවර ගනු ලැබුවා.
මීට පෙර ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධිය වැනි වැඩසටහන් හි සිදු වූ දූෂණ, අකටයුතුකම් හා නිලධාරීවාදය ඉවත්කර සමාජ ආරක්ෂණයේ මුලිකාංග හා බැඳුණු වැඩපිළිවෙලක් ගොඩනැගීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැනට රටේ ක්‍රියාත්මක විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් 30 කට වැඩි සංඛ්‍යාවක විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුම වී තිබෙනවා. ලෝක බැංකුව විසින් අස්වැසුම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක ණයක් ලබා දී ඇති අතර එය වසර 5 ක සහන කාලයක් ද සහිතව වසර 30කින් ආපසු ගෙවිය යුතුයි. 2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308 ක් වන බව ද කිව යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55