දිස්ත්‍රික්ක තුනක, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ,කෙරනගපොකුන, ගල්උඩපිට, මත්තුමගල මෙලෙස හුදෙකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් වසම, විද්‍යාසේකර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර, මහවස්කඩුව උතුර, කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත යන ප්‍රදේශයන් ද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්