spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්කයකින් දිනක් තුළ විශාල ආසාදිතයින්..රෝගීන් 10,000 ඉක්මවයි.. මරණ 200 ත් පනියි

යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝණා ආසාදිතයින් අගය සීග්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර් තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.

යාපනයේ පවතින වත්මන් වාතාවරනය පිළිබඳව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති වරයා පවසා සිටියේ ‘ගෙවී ගිය අවසන් දින කිහිපය තුලදී කොරෝණා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩිවීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා.

ඒ වගේම ආසාදිතයින් 10,000 සීමාවත් ඉක්මවලා. දෛනික පුද්ගල ආසාදිත අගය 130 ත් ඉක්මවලා. ‘

මේ වන විට යාපනයේ පවුල් 3019 කටඅයත් පුද්ගලයින් 8616 ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා.

පවතින තත්වය බොහෝ සෙයින් අවධානම් හෙයින් කිසිදු වැසියෙකු සිය නිවසෙන් පිටතට නොයන ලෙසටත් හැකි අයුරින් සෞඛ්‍ය නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?