spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි

නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මිපිලිමාන මාගොඩ ඩික්සන් වත්තේ පිහිටි රජයේ අක්කර 14ක ඉඩමක් අනවසරෙන් අතපත් කරගෙන සිටිමට විරෝධය පාමින් නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශවාසින් පිරිසක් (08) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලට පිවිස එම ඉඩම  ගම්වාසින්ට බෙදා දෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් ඉල්ලිමක් සිදු කරනු ලැබුහ.

නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බව පැවසෙන මෙම ඉඩම එම ව්‍යාපාරිකයාට මිට සිව්වසරකට ප්‍රථම එලවළු වගාව සදහා කෙටි කාලින බදු පදනම මත නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ගිවිසුමක් මත තාවකාලිකව ලබාදි ඇති බවත්, එම ගිවිසුම් කාලය අවසන් වුවද එම ව්‍යාපාරිකයා විසින් සිය මුදල් බලය භාවිතා කරමින් එම ඉඩම තුල ස්ථිර ගොඩනැගිල්ලක්ද ඉදි කර තවදුරටත් එම ඉඩම තුල වගාවන් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා හමුවිමට පැමිණි නුවරඑලිය මිපිලිමාන , ජපන්වත්ත ඇතුළු අවට ගම්වාසින් කියා සිටියේ.

නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ ඉඩම් නොමැති විශාල පිරිසක් සිටින බවත්, එම පදිංචිකරුවන් බදු පදනම මත ලබාගත් කුඩා ඉඩම් කැබලිවල ජිවන උපාය ලෙස එලවළු වගාව සිදු කරන බවයි එම පිරිස කියා සිටියේ.

තනි පුද්ගලයෙකු විසින් භුක්ති විදින එම ඉඩම ඉඩම් නොමැති මිපිලිමාන ප්‍රදේශයේ තරුණ ගොවි සංවිධාන වෙත කෙටිකාලින පදනම මත ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් එම පිරිස ලිඛිතව ඉල්ලා සිටිහ.

මෙහිදි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ප්‍රදේශවාසින් හමුවේ කියා සිටියේ සිව් වසරක බදු පදනම මත එම පුද්ගලයාට ඉඩම ලබා දි ඇති බවත්, ඔහුට තවත් රජයේ ඉඩම් කැබලි කිහිපයක් බදු පදනම මත ලබාදි තිබුණද එම ඉඩම් සදහා රජයට අයවිය යුතු බදු මුදල් මෙතෙක් ගෙවා නොමැති බවයි.

ව්‍යාපාරිකයෙකුට රජයේ ඉඩම් කිසිසෙත් ලබාදිය නොහැකි බවත්, ඒ අනුව එම ඉඩම යලිත් රජයට අත්පත් කර ගැනිමට මැදිහත් වන ලෙසට නුවරඑලිය ප්‍රාදේශිය ලේකම්වරයාට සහ ඉඩම් කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දිමට පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශවාසින් හමුවේ කියා සිටිහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?