දිස්ත්‍රික්ක තුනකට කටාරයෙන් පොහොර

කුරුණැගල, මොණරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල එළවළු ගොවීන් 3,476 දෙනෙකුට නොමිලේ යූරියා, මඩ‌ පොහොර සහ බණ්ඩි පොහොර ලබාදීමට කටාර් චැරිටී ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එක් ගොවියෙකුට යූරියා, මඩ පොහොර සහ බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 25ක මිටියක් බැඟින් ලබාදීමට නියමිතයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් 1,476 දෙනෙකුට, මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1,000කට සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1,000කට මෙලෙස පොහොර මිටි ලබාදීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙරට ආහාර සුරක්ෂිතතාවය සැලකිල්ලට ගනිමින් කටාර් චැරිටී ආයතනය මෙම පොහොර තොගය පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිල වශයෙන් භාරගැනීම සිදුකෙරුණා.