දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (08) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53