දිස්ත්‍රික්කයෙන් ම ප්‍රතික්ෂේප වුණු මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි (වීඩියෝ)

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

අද (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක්
පවත්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙවර මහ මැතිවරණයේ දී නාවලපිටිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ හිටපු අමාත්‍යවරයාට සිය ආසනය අහිමි වුණේ ජාතික ජන බලවේගය හමුවේ දැවැන්ත පරාජයක් ද අත්පත් කරගනිමින්.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව ද හෙතෙම ප්‍රකාශ කළා.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළ මහින්දානන්ද මහතා හට හිමිවුණේ ඡන්ද 20401ක් පමණයි.

තම දේශපාලන ගමනේ දි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කළ ද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැඳී සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේ දී තමන්ට නන් අයුරින් උපකාර කළ – නොකළ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරන බව ද හිටපු අමාත්‍යවරයා පැවසුවා.

  1. යකෝ අගමැති වෙන්න ගෑනිවත් මාරුකරපු එකා දැන් රටිනුත් යනවද. ඔකා යන්න ඉස්සර 1,250.00 පඩියෙන් හම්බකරපුවා ඇර අනිත්වා ගන්නෙ නැද්ද. ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17