දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නාය යෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑමේ රතු නිවේදන හෙට (09) දිනය දක්වා දීර්ඝකර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, ඉමදූව, නාගොඩ සහ ගාල්ල කඩවත් සතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර සහ හක්මන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර තුන යත්තේ ඉවත්වීමේ රතු නිවේදන ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

එමෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර තිබූ රතු නිවේදනය දීර්ඝකර තිබෙනවා.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ,

බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ
ගාල්ල දිස්ත්‍රික්කය – තවලම, අක්මීමන, නෙළුව, බෝපේ පෝද්දල, බද්දේගම, නියාගම සහ අම්බලන්ගොඩ
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල, කටුවන
කළුතර දිස්ත්‍රික්කය – දොඩංගොඩ, බුලත්සිංහල සහ පාලින්දනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට
මාතර දිස්ත්‍රික්කය – මාතර සොහොන් හතර, වැලිපිටිය, අතුරලිය, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ, මුලටියන, කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ සහ කොටපොල
රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ සහ ඇලපාත

මේ අතර විමසිලිමත් වන ලෙස දන්වමින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ,

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල සහ බණ්ඩාරවෙල
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක සහ පාදුක්ක
ගම්පහ දිස්ත්‍රික්කය – මීරිගම
හම්බන්තොට දිස්ත්‍රික්කය – ඔකේවෙල, බෙලිඅත්ත
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, කළුතර, බේරුවල
කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, බුලත්කොහුපිටිය
රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, ගොඩකවෙල, කහවත්ත, විවෘතනායක, නිවිතිගල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, වැලිගෙපොල සහ කොලොන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16