දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයාට වැඩ වරදියි

සිය ජංගම දුරකථනය උපයෝගී කරගෙන පාසලේ තමන් විසින් අධ්‍යාපනය ලබා දෙන තරුණ දැරියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගෙන නින්දිත කාම අපරාධයක නිරත වූ දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයෙක් සම්බන්ධව මේ වන විට (16) දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දිවුලපිටිය පොලිසි ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා මේ බව තහවුරු කළ බවයි.

දිවුලපිටිය ප්‍රසිද්ධ පාසලක ගුරා විසින් මව් පිය සෙනෙහස අහිමි වන, වෙනත් ගැටළු සහිත බව පෙනෙන දැරියන්ට ළං වී ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගනිමින් අසරණ දැරියන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා චෝදනා ඇති බවත්, ඔහුගෙන් අතවරයට පත්වුණු දැරියන් පිළිබඳව සොයා බලා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද දසත ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසීමේදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට මෙම ගුරා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ වින්දිත දැරියගේ පියා මියගොස් ඇති අතර මව විදේශගතව සිට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන 16 හැවිරිදි වියේ පසුවන්නියක්.

පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිටිය දී නැන්දණියට ඇයගේ හැසිරීම පිළිබඳව සැක සිතී දුරකථනය පරීක්ෂා කිරීමේ දී; මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශන ද ගෙන්වා ගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයට රැගෙන යෑමට සිදු කරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩත් සොයා ගෙන ඒ සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම මෙම විද්‍යා ගුරුවරයා දැරියට විටින් විට මුදල් ද ලබා දී ඇති බවයි හෙළි ව ඇත්තේ.

එහෙත් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් මෙම විද්‍යා ගුරුවරයා රැකගෙන වින්දිත දැරිය තවත් අපහාසයට ලක්වෙන ආකාරයෙන් පහත් හැසිරීමක් කළ බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේ වුවත් ඊයේ (15) දින ද දිවුලපිටිය ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිවරයාට ද දිවුලපිටිය පොලිස් ස්ථානයෙන් කතාකර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

මෙම විද්‍යා ගුරුවරයා සම්බන්ධව මිනුවන්ගොඩ ‍පොලිස් ස්ථානය සහ දිවුලපිටි පොලිස් ස්ථානය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05