දිවුලපිටියේ මහා කසිප්පු ජාවාරමක්(වීඩියෝ)

දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් හට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ව පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා.

මෙම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ බලගල්ල ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ දිගු කලෙක පටන් අදාළ මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගිය බවයි.

නීතිවිරෝධී මත්පැන් තොග වශයෙන් මරදගහමුල, දූනගහ, කටුවැල්ලේගම, මිනුවන්ගොඩ, අලුතපොළ, හුණුමුල්ල යන ප්‍රදේශවලට බෙදා හැරීම් සිදු කරන බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීරිගම – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලිස් වැටලීමේ දී ගෝඩා බැරල් 21ක්, කසිප්පු බෝතල් 400ක්, වට රවුන් පහළොවක් සහිත දඟරයක්, විදුලි මෝටරයක්, ගෑස් සිලින්ඩරයක් ද සොයා ගැනුණු අතර නීතිවිරෝධී මත්පැන් බෝතල් 400 වටිනාකම රුපියල් ලක්ෂ 350000කට ආසන්න බවයි හෙළි ව ඇත්තේ.

නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනා අද (30) දින මිනුවන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරීම් නියමිත අතර මෙම වැටලීම
මීගමුව දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී සංජීව එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16