දිවි නහගන්න ළිඳට පැනපු ගැබිනිය ළිඳ තුළම දරුවා බිහිකරයි

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ.

මෙසේ සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවකි. පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන් ඇය සොයන විට නිවසට මඳක් දුරින් වූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක තිබේ. පසු අවට නිවෙස්වල අයගේ උපකාර මත ඇය රෝහල වෙත රැගෙන ගිය බව ඇයගේ වැඩිමහල් සොහොයුරිය පැවසුවාය.

ඇය රෝහල වෙත ගෙන ගිය පසු කුසෙහි සිටි දරුවා ළිඳ තුළදී බිහි කළ බව පැවසීමෙන් පසු බිළිඳා සෙවීමේ කටයුතු ඊයේ දිනයේදී (14දා) සිදු කළ බවද සොහොයුරිය පැවැසීය. ඇයගේ ස්වාමි පුරුෂයා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙකි.

සවස 3.00ට පමණ දරුවාගේ මළ සිරුර ගොඩගන්නා ලද බවත් එම මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේට් පවසයි.

මෙම බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් හා මව සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරන බව මැල්කම් පේට් මහතා වැඩිදුරටත් පැවසීය.

රුවන් වර්ණසූරිය – රඹුක්කන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22