දිවි ගමන නිම කළ සුරූපී නතාෂා පෙරේරාගේ මිත්තණිය ගැන හමුවූ කඳුළු සටහනක්

නතාෂා පෙරේරා කියන සුරූපී රංගන ශිල්පිනියව නොහඳුනන කෙනෙකු නොමැති තරම්. එදා ළමා රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් නෙත් සිත් පැහැරගත් ඇය අද වන විටත් බොලිවුඩ් නිළියක තරම් රූමත්.. සමාජ මාධ්‍යයේ නිතරම වගේ කතාබහ වන ඇයගේ ආදරණීය මිත්තණිය හදිසියේම වියෝ වී තිබෙනවා. මේ ඒ ගැන අපිට මුහුණූ පොතෙන් හමුවූ සටහනක්…

මානෙල් පෙරේරා නම් වූ ඇය නොවන්නට නතාෂා පෙරේරා නම් ළමා ශිල්පිනිය ගැන රටේ කතා බහක් ඇති නොවන බව නොඅනුමානයි. මිනිබිරියකට එතරම්ම ආදරය කරමින්, ඈ වෙනුවෙන්ම කැප වෙමින්, ඈ වෙනුවෙන් සිහින මවමින් ඒ සිහින සැබෑකරගත් මිත්තනියක් මට මුණ ගැසී නැත.

කිසි දිනක ඇය නතාෂාට අත්තම්මා වීමට කැමති වුණේ නැත. නතාෂා හැමදාමත් ඈ ඇමතුවේ “අම්මි..” කියාය. බොහෝ හමුවීම්, ප්‍රිය සාද වෙත සිය රතය ඉතා මැනවින් පදවමින් නතාෂා කැටුව යන ඇය වඩාත් ප්‍රිය කළේ එවන් තැනකදී නතාෂා ගීතයක් ගයනු දැකීමටයි. නතාෂා වෙනුවෙන්ම ප්‍රවීණ ශිල්පීන් ලවා ඈ විසින් නිර්මාණය කරවන ලද ගී හැරුනුකොට “කල්‍යාණි ගංගා රාජිනී… දුර පෙනෙන තැනි තලා..” වැනි ගී එවන් තැනක ඇසීමටත් ඈ ප්‍රිය කළා.මානෙල් පෙරේරා මහත්මිය සිය දිවි ගමන නිම කළ බව දැනගත් මොහොතේ මගේ සිතට එක්වරම ගලා ආ මතකයයි මේ. ආදරණීය මානෙල් ආන්ටි.., ඔබට සුබ ගමන්..!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25