spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවියට සමුදුන් ගුවන් සෙබළා(ඡායාරූප)

සියදිවි තොර කරගත් ගුවන් හමුදා සෙබලෙකුගේ සිරුර ගලෙන්බිඳුණුවැව ගිරිගෝරිස් පාලම ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කල ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයා පෙරේදා සති අන්ත නිවාඩුවට නිවස බලා පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී අහාර ගෙන බිරිදට මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසෙන් බැහැරව ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

නැවත සැමියා නිවසට නොපැමිණීම හේතුවෙන් පැමිණිල්ලක් සිදුකිරීම සදහා බිරිඳ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී තම ස්වාමියා මෙලෙස සියදිවි හානිකරගැනීමක් සිදුකරගෙන ඇති බව අනාවරණය වී තිබුණා.

පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

vlcsnap 2023 02 08 09h20m59s210
IMG 20230313 WA0011
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?