spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා සියලු වැඩ බිම් තුල එළැඹෙන 20 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක්

ලබන බදාදා (20) වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වනවා.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවයි.

ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
158
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?