දිවයින පුරා විදුලිය බිඳ වැටෙයි

දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවයි.

විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ලංවිම ඉංජිනේරුවන් විදුලිය බිඳ වැටීමට හේතුව හඳුනා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවයි.

මේ අතර විදුලිබල මණ්ඩලය පැවසුවේ ප්‍රධාන මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වී ඇති අතර හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.