spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයින පුරා මස් ප්‍රවාහනයට අවසර

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ගව මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් විශාල පිරිසක් පසුගියදා මියයාම හේතුවෙනුයි මස් ප්‍රවාහනයට තහනමක් පනවනු ලැබුවේ.

ඒ මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන්.

කෙසේවෙතත් පසුව සිදු කළ රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වූයේ මෙම මරණවලට හේතුව වී ඇත්තේ හදිසියේ ඇතිවූ සීත කාලගුණික තත්ත්වය බවයි.

ඒ අනුව ගවයන්ගේ මරණ වසංගතයක් නිසා සිදුවූවක් නොවන බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එබැවින් සත්වයන් සහ මස් දිවයින පුරා ප්‍රවාහනයට අවසර ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?