දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය ගැන සුභ ආරංචියක්…එන සතියෙත් දීර්ඝ වේවිද?

මේ ඇඳිරිනීතියේ ප්‍රතිඵල ඉදිරියේදී බලාගන්න පුලුවන් රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන විට රටේ ආර්ථිකය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් නමුත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේ නම් එය එතරම් ගැටළුවක් නොවන බව අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.

ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගෙතිබේ.

ඉන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිරෝධායනය වෙමින් රාජකාරී කටයුතුවල නිරතවෙමින් ඇති අතර මේ වනවිට ඔහුගේ දෙවන සතිය ගතකරමින් සිටින බවය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මෙලෙස අත්අඩංගුවට පත්වන පිරිස දිනෙන් දින ඉහළ ගිය අතර මීට පෙර එම සංඛ්‍යාව වාර්තා වූයේ පුද්ගලයින් 639ක් ලෙසය.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414කි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1,028 ක් සහ පුද්ගලයන් 1,807 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21