දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක්

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අතර අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

මෙම වැඩපිළිවළ වසර 36කට පසුව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මාර්ග අයත් රාජ්‍ය ආයතන පැහැදිළිව හඳුනා ගැනීමේ අවස්ථාව එමඟින් හිමි වන බවයි.

එසේම මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහජනතාවට විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ මේ වන විට පළාත් පාලන ආයතන 69ක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිය සේවාවන් ක්‍රියාත්මක කරන බවත්, තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී, මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ONLINE) මහජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා සමස්ත පළාත් පාලන ආයතන ව්‍යුහයම මේ වන විට සූදානම් කරමින් තිබෙනවා.

මේ අනුව පළාත් පාලන ආයතන අතරින්, ආයතන 69ක් මේ වන විට සිය සේවාවන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ මහජනතාවට කඩිනමින් ලබා දෙමින් සිටිනවා. තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී, මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

රාජ්‍ය ආයතනවල පවතින දූෂණ හා අක්‍රමිකතා අවම කිරීමට මෙම මාර්ගගත ක්‍රමවේදය ඉවහල් වෙනවා. ඒ වගේම මෙමගින් මහජනතාවට වරිපනම් ගෙවීම්, ව්‍යාපාර බදු ගෙවීම්, නිවාස සැලසුම් අනුමත කිරීම්, ආදාහනාගාර, ක්‍රීඩාංගණ, නගර ශාලා ආදිය වෙන් කිරීම් ඇතුළු අවශ්‍යතා රැසක් කඩිනමින් ඉටු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.

තවද මේ පිළිබඳ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට, කොමසාරිස්වරුන්ට අවශ්‍ය තෙදින පුහුණු වැඩමුළුවක් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව සඳහන් කළයුතුයි.

එසේම පළාත් පාලන ආයතන සඳහා නව ස්වයං උත්පාදන ආදායම් මාර්ග හඳුන්වාදීමටත් නියමිතයි. වරිනම්, බදු ආදායම්, මිශ්‍ර ආදායම් සහ අනෙකුත් කුලී ආදායම් සහ බලපත්‍ර ගාස්තු අය කිරීම්වලින් ලැබිය යුතු ආදායම් නිසි පරිදි සභාවේ අරමුදල වෙත නොලැබෙන තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒනිසා ආදායම් නිසියාකාරව නොලැබීමට හේතු වන නීතිමය බාධා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳවත් අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග සිතියම්ගත කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙනවා. මෙහි මූලික අදියර යටතේ මාර්ග 49,200ක් වයඹ පළාතේ සලකුණු කර අවසන්. කිලෝමීටරයකට රුපියල් 102 බැගින් මාර්ග කිලෝමීටර් 21,000ක් සලකුණු කිරීමට කටයුතු යොදා තිබෙනවා. GIS සහ GPS තාක්ෂණය යොදාගෙන මාර්ග සිතියම් ලකුණු කිරීම සිදුවන නිසා මීට වැය වන මුදල අවම වී තිබෙනවා. මෙම වැඩපිළිවෙළෙන් අදාළ මාර්ග අයත් වන රාජ්‍ය ආයතන හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

පළාත් පාලන ආයතනවලට අයත් පාලම් නොමැති ස්ථාන වෙනුවෙන් අලුතින් පාලම් 160ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් පාලම් 20ක වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘති වෙනුවෙන් මේ වසරේ පමණක් රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. සමස්ත ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 14,000ක් වෙන් කරමින් සෙසු පාලම් ලබන වසර ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ තාවකාලික සේවකයන් 10,355කට ස්ථීර පත් වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ හා සමානව පුරප්පාඩු සංඛ්‍යාවක් ද පවතිනවා. එම පුරප්පාඩු පිරවීම ද ඉදිරියේදී පියවර ගනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46