දිවයිනම අඳුරු කරමින් බිඳ වැටුණු විදුලිය යළි එයි

දිවයින පුරා හදිසියේ සිදු වූ විදුලි බිඳ වැටීම මේවන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීම සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම විදුලි පාරිභෝගිකයන්ට කනගාටුව පළකරන බව ද මණ්ඩලය ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල තදාසන්න ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත් කිරීමට පියවර ගැණුනා.

අනෙක් ප්‍රදේශවල ද මධ්‍යම රාත්‍රිය වන විට පියවරෙන් පියවර විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණේ.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ද අක්‍රිය වී ඇතැයි වාර්තා වනවා. ඒ අනුව තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

මේ අතර රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් ද සිදුකර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවයි.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවී තිබුණා. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04