spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයිනම අඳුරු කරමින් බිඳ වැටුණු විදුලිය යළි එයි

දිවයින පුරා හදිසියේ සිදු වූ විදුලි බිඳ වැටීම මේවන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීම සිදුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම විදුලි පාරිභෝගිකයන්ට කනගාටුව පළකරන බව ද මණ්ඩලය ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල තදාසන්න ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත් කිරීමට පියවර ගැණුනා.

අනෙක් ප්‍රදේශවල ද මධ්‍යම රාත්‍රිය වන විට පියවරෙන් පියවර විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණේ.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ද අක්‍රිය වී ඇතැයි වාර්තා වනවා. ඒ අනුව තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

මේ අතර රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් ද සිදුකර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවයි.

මේ අතර මෙම හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවී තිබුණා. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?