දිවයිනට ආ අමෙරිකා නැව පිටව යයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව අද (20) දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; ඊයේ (19) උදෑසන මෙම නෞකාව කොළඹට ළඟා වූ බවයි.

කොළඹ වරායට ළඟා වූ නෞකාව නාවික හමුදාවේ සම්ප්‍රදයානුකූල ගෞරවාචාර මැද පිළිගැනුණු බවයි පැවසෙන්නේ.