දිල්හානි ‘ජංගි හොරා’ව අල්ලයි..අමුතුම කතාවක් එළියට

ගෑනු අය නාන දිහා හොරෙන් බලන පිරිසකුත් ඉන්නවා ඇයි මේ ගැන කතා කරන්න ලැජ්ජා වෙන්නෙ?

ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ ගැන මේ දිනවල කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

ඒ අතර වැඩි අවධානයක් දිනාගත් සිනමා නිර්මාණයක් වී තිබෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ වෙනස්ම ආරක් ගත් සිනමා නිර්මාණය වන Underpants Thief එහෙමත් නැත්නම් ‘ජංගි හොරා’ සිනමා නිර්මාණය.

මෙතෙක් ලාංකීය සිනමාව තුළ වැඩි වශයෙන් කතා නොවුණු නමුත් මිනිස් සමාජය තුළ දකින්නට ලැබෙන නමුත් විවෘතව කතා කරන්නට අකැමැති කතා තේමාවක් මුල් කරගෙන මෙම සිනමාපටය නිර්මාණය වී තිබීමත් සිනමා රසිකත්වයට අලුත් වූ අත්දැකීමක් වනු නොඅනුමානයි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා.

කාන්තා යට ඇඳුම් කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇති සහ ඒවා හොරකම් කිරීමට පෙලඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටායි Underpants Thief නිර්මාණය වී තිබෙන්නේ.

යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් සමනලියක්’ සිනමා පටයෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පා තැබූ දිල්හානි ඒකනායක කියන්නේ අපේ සිනමා ක්ෂේත්‍රය තුළ ඉන්න එදත් අදත් කවුරුත් එකසේ ආදරය කරන දක්ෂ සුන්දර, ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

ඇයගේ භූමිකාව මේ සිනමා නිර්මාණයේ සුවිශේෂී වන බව පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් ඔබට වැටහී යනු ඇත. ඒ නිසාම මේ සිනමා නිර්මාණය ගැන ඇයගෙන් විමසා සිටියා. බොහොම විවෘතව සුන්දර ලෙසින් ඇය Underpants Thief එහෙමත් නැත්නම් ජංගි හොරා සිනමා නිර්මාණය ගැන කියා සිටියේ මෙවැන්නක්.

මෙය නිර්මාණය වෙන්නේ මීට අවුරුදු හතරකට විතර කලින්. මේ වගේ කතාවක් සිනමාවට නගන්න යනවා කියලා සෝමරත්න අයියා මට පිටපත දුන්නාම මම ඒක කියවලා බලලා මගේ පැත්තෙන් වෙන්න ඕනේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් ගැන කිව්වා.

ඒ මොහොතේම සෝමේ අයියා මගේ අදහසට එකඟ වුණා. ඒ එකඟතාවෙන් පස්සේ තමයි අපි සිනමා නිර්මාණය කළේ.

මේක මේ අපි කතා කරන්න බය වෙන්න හෝ ලැජ්ජා විය යුතු තේමාවක් නෙවෙයි. අපේ සමාජය තුළ සිද්ධ වෙච්ච නැති දෙයක් නෙවෙයි.

අපි දන්නවා ගැහැනියක් ගඟක ඇළක දොළක නානවා නම් හොරෙන් බලන් ඉන්න කොටසක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් කාලේ නම් බාත්රූම් එකට කැමරාවක් දාලා බලන් ඉන්න අයත් අපිට එදිනෙදා සමාජයේ අහන්න දකින්න ලැබිලා තියෙනවා.

මෙවැනි ආකාරයට හැසිරෙන්නේ සාමාන්‍ය මට්ටමින් එහාට ගිය යම් කිසි මානසික ගැටලුවක් තියෙන අය නිසා. අන්න එවැනි වූ පුද්ගලයෙක් වටා තමා මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එහෙම කෙනෙක් පවුලක හිටියොතින් ඒ ගෙදර අයගේ හැසිරීම තමයි මගේ චරිතය තුළින් මම නිරූපණය කරන්නේ.

අපි දන්නවනේ අපේ සමාජය තුළ මෙවැනි පුද්ගලයෙක් අහුවුණාම මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ ගස් බැඳලා ගහනවා අතපය කඩනවා.

ග්‍රීස් යකා වැනි විවිධ නම් වලින් හඳුන්වනවා. නමුත් එවැනි තත්ත්වයකට පත්වුණු කෙනෙක් පවුලේ ඉන්නවා නම් කළ යුත්තේ ඉන් ඒ මනුස්සයට ගැලවෙන්න උදව් කරන එක.

ඔය කාරණය තමා මේ චිත්‍රපටය තුළින් සමාජ ගත කරන්න උත්සාහ කරන්නේ.

මේ සිනමා නිර්මාණය ගැන බොහෝ දෙනා කතා වෙනවා. මම අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය තුළ සැරිසරන කෙනෙක් නෙවෙයි.

නමුත් මට කතා කරලා කට්ටිය ජංගි හොරා ගැන අහනවා. මම, ‘ආ ඇත්තද, ඉතින් හොඳයිනේ’ කියලා කියනවා. මොකද මේ කාලය නැවත සිනමාව පණගන්වන්න ලොකු ශක්තියක් යොදවන්න වෙලා තියෙන කාලයක්.

ඉතින් මේ Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට දැමීමත් එක්ක මම දැකපු එක දෙයක් තමයි වෙනස් විදියේ පටන් ගැන්මකට ඉඩක් තියෙනවා කියන දේ.

මේ නම දාද්දි සෝමේ අයියටත් තිබුණා ප්‍රේක්ෂකයා කොයි විදියට භාර ගනීදෝ කියලා. හැබැයි ඒ නම දාපු නිසානේ මේ තරම් කතා බහකට මේ වෙද්දී ලක්වෙලා තියෙන්නේ.

අනික මේ රටේ මොන තරම් නම් හොරු ඉන්නවද? විශාල මහා පරිමාණයේ හොරු අතරේ මේකේ මේ පොඩි ජංගියක් හොරකම් කරලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ ඔය වචන දෙක වැරදි අර්ථයෙන් ගන්න ඕනේ නැහැ.

සාමාන්‍ය ජීවිතේ තියෙන වචන දෙකක්. ජංගියට ජංගිය කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? අනිත් අතට හොරාට හොරා නොකියා මොකක් කියන්නද? එතකොට ඒ දෙක එකතු වුණාම අවුල්ද? ජංගි හොරා කිව්වම මේ නමට පවා බොහෝ දෙනා විවිධ දේ කියනවා.

හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි අපිට මොන විදියේ ප්‍රතිචාර ලැබුණත් විශාල කොටසක් බලාගෙන ඉන්නවා මේ චිත්‍රපටය නරඹන්න.

ඒ නිසා මේ නම යෙදීම ගැනත් මම සතුටු වෙන්නේ නැවත මේ හරහා සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීමට යම්කිසි හැකියාවක් තියෙනවා කියන දේ දැනෙන්න පටන් අරන් තියෙනවා.

අපිට අපේ සිනමාව නැවතුණ තැනින් ආරම්භ කර ගන්න හොඳ ප්‍රවේශයක් වෙයි මේ සිනමා නිර්මාණය.

අනුෂා රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57