දිල්රුවන් පෙරේරාට අලුත් වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ අතර, ඔහු එම තනතුරින් ඉල්ලා අස් වුණා.

ඒ, මෙම පුහුණුකරු තනතුර භාරගැනීම වෙනුවෙන්.