දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි

බළංගොඩ වැලිහරනාව ප්‍රදේශයේ ජල පොම්පාගාරය ආසන්නයේ වලවේ ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුර අද සොයාගෙන තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ඇල්ලේඅරාව සහ චෙක්නෝල් ප්‍රදේශවල පදිංචිව සිටි 15 හැවිරිදි සිසුන් දෙදෙනාගේ සිරුරු මෙලෙස සොයා ගැනුණා.

බළංගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගාවලියකට ගොස් තවත් සිසුන් පිරිසක් සමග වැලිහරනාව ප්‍රදේශයේ ඇති ජල පොම්පාගාරය අසට දිය නැම සදහා ඊයේ පස්වරුවේ ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වුණා.

දිය නෑමට ගිය අනෙක් සිසුන් ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී අතුරුදන් වුණා.