දිය ඇල්ලෙන් පැන්න සිව් දරු මවගේ සිරුර හමුවෙයි

ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන් වූ කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා.

දිඹුලපතන පොලිසිය සඳහන් කළේ දිය ඇල්ල පාමුල තිබී අද පස්වරුවේ මෙම සිව් දරු මවගේ සිරුර සොයා ගත් බවයි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

මෙලෙස මරණයට පත් වූයේ පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක්.

පවුල් ආරවුලක් හේතුවෙන් පැමිණිල්ලක් කිරීමට දිඹුලපතන පොලිසියට පැමිණ සිටියදී යි අද පෙරවරුවේ මෙම කාන්තාව ඩොවොන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වූයේ.

පසුව ඇය සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කළා.

දරුවන් දෙදෙනෙකු සමග දිඹුලපතන පොලිසියට පැමිණි මෙම කාන්තාව පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් එම දරුවාට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට බීමට වතුර වීදුරුවක් රැගෙන එන ලෙසටයි.

දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග මෙම කාන්තාව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියාසිටියේ.

ඇය සමග ගිය දරුවා යළි පොලිසිය වෙත දිවගොස් මව දිය ඇල්ලෙන් පහලට පැන්න බව දැනුම් දී ඇති අතර ඒ අනුව එම මව සොයා දිඹුලපතන පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම කාන්තාව සෙවීමේ මෙහෙයුම්වලට ද බාධා මතුවූ බව සඳහන්.

https://www.youtube.com/watch?v=_M4D78MDXXo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27