දියේ ගිලී අතුරුදන් වීමක්

ඇඹිලිපිය – බුරුතකන්ද ප්‍රදේශයේ වැවේලන්ද වැවෙහි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (06) දහවල් කාලයේ සිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අතුරුදන් වූ පුද්ගලයා 46 හැවිරිදි මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන්වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.