spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

ගලෙන්බිඳුණුවැව හිඹුටුගොල්ලෑව වැවේ දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හිඹුටුගොල්ලෑව උපුල්දෙනිය පදිංචි වයස අවුරුදු 39ක දෙදරු මවක්.

ඇය අද (11) සවස හිඹුටුගොල්ලෑව වැවට දිය නෑම සදහා තනිවම ගොස් ඇති අතර එහිදී සොරොව්ව අසළ තිබෙන ඇළට ලිස්සා ගොස් තිබෙනවා.

අවට සිටි ප්‍රදේශවාසීන් එක්ව සැඩ පහරට හසුවී සිටින කාන්තාව බේරාගෙන ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී .ඇය මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සිරුර ගලෙන්බිඳුණුවැව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?