දියවන්නා ඔයේ ඔරුවක් පෙරලීමෙන් තරුණයෙකු අතුරුදන්

දියවන්නා ඔයේ ඔරුවක් පෙරලීමෙන් තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා.

එම ඔරුවේ සිටි තවත් තරුණයෙකු දිවි බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගිය මෙම බෝට්ටුව පෙරලීමෙන් පසු තරුණයන් දෙදෙනා ගොඩබිම දක්වා පිහිනාගෙන පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් අතරමගදී එක් අයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙක්. නාවික හමුදාව සහ පොලිසිය එක්ව තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

https://youtu.be/qyTOJ2mrLw0


අපගේ නවතම වීඩියෝ පුවත්