දියවන්නාවේ විනෝදාත්මක මධ්‍යස්ථාන හදන්න අනුමැතිය

බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්‍රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබනවා.

එම ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කරනු ලැබ තිබෙනවා.

ඒ, අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ‘ෆ්‍රොලික් අයිලන්ඩ් විනෝදාත්මක මධ්‍යස්ථාන’ (Frolic Island Recreational Hub) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එය කඩුවෙල නගර සංවර්ධන සැලැස්ම යටතේ 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 13.57 ක සම්පූර්ණ භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටස් 09 ක් හඳුනාගෙන තිබෙනවා.

එම බිම් කොටස් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුගතව, ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34