දියවන්නාවට සුඛෝපභෝගී ඩිෆෙන්ඩරයක් පෙරළෙයි(වීඩියෝ)

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ජයන්තිපුර පාර්ලිමේන්තුව පිවිසුම අසල දී දියවන්නා වගුරට පෙරළී අනතුරට ලක් ව තිබෙනවා.

අද (25) පෙරවරුවේ මෙම ඩිෆෙන්ඩර් රථය පැලවත්ත දෙස සිට බොරැල්ල දෙසට පැමිණෙමින් තිබූ රථයක් බවටයි හෙළි ව ඇත්තේ.

අනතුර සිදු ව ඇත්තේ අද අලුයම 05.30-6.00 අතරේදී බව ද පොලිසිය පවසනවා.

මෙම අනතුරින් රථය පැදවූ රියදුරුට හානි නොවුණ ද රථයට නම් දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන සිදු කරන අතර අනතුරට හේතුව රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම බව ද අනාවරණය වී තිබෙනවා.

අනතුරට ලක් වූ රථය ඉවත් කිරීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගත වූ අතර අනතුර හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25