spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියර කිරි වලට ජනාධිපති දුන් සහතිකය

ගොවීන්ගෙන් දියර කිරි ලීටරයක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

නාරහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාවේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණයකට එක් වූ ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන් බව පශු සම්පත් හා ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ඩි. බි. හේරත් මහතා පැවසීය.

මේ අතර දියර කිරි මිලදී ගැනීමේ පවතින විෂමතා ඉවත්කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමේ පවතින මිල ගණන්වල විෂමතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩි. බි. හේරත් යන මහත්වරුන්ට එම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, කිරි ගොවියාගෙන් කිරි මිලදී ගෙන ආයතන දක්වා රැගෙන යාමේදී අතරමැදියන්ගෙන් සිදුවන අක්‍රමිකතා මඟ හැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක්කළ යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?