දියර කිරි වලට ජනාධිපති දුන් සහතිකය

ගොවීන්ගෙන් දියර කිරි ලීටරයක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

නාරහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාවේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණයකට එක් වූ ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන් බව පශු සම්පත් හා ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ඩි. බි. හේරත් මහතා පැවසීය.

මේ අතර දියර කිරි මිලදී ගැනීමේ පවතින විෂමතා ඉවත්කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමේ පවතින මිල ගණන්වල විෂමතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩි. බි. හේරත් යන මහත්වරුන්ට එම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, කිරි ගොවියාගෙන් කිරි මිලදී ගෙන ආයතන දක්වා රැගෙන යාමේදී අතරමැදියන්ගෙන් සිදුවන අක්‍රමිකතා මඟ හැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක්කළ යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18