දියණිය නිදිකරවන්න සාකච්ඡාව නැවැත්වූ අගමැතිනිය

ජෙසින්ඩා ආර්ඩ්න් කියන්නේ හරි අපූරු චරිතයක්. ඇය නවසීලන්ත ජනතාවගේ මෙන්ම ලෝකයේ හැම කෙනෙකුගේ ම ආදරයට පාත්‍රවූ කෙනෙක්. තම වගකීම් නිසි පරිදි ඉටු කිරීම මඟින් ඇය ලොව සෑම නායකයෙකුටම ආදර්ශයක් වී තිබෙනවා. හැබැයි ඒ වගේම, ඇය තමන්ගේ පවුලටත් ප්‍රමුඛස්ථානය දෙන්න අමතක කරන්නේ නෑ. පසුගිය දවසක ඇය සජීවී සාකච්ඡාවකට ෆේස්බුක් හරහා එක් වී සිටියා.

ඒ අතරේ ඇගේ සිඟිති දියණිය ඇවිත් තම මව නැතුව නිදාගන්න බෑ කියලා හරිම ආදරණීය විදියට කියනවා. ඊට පස්සේ අගමැතිනී ජෙසින්ඩා, ඇයව සනසවලා ආච්චි සමඟ නිදාගන්න යන්න කියලා කියනවා. ආපහු සාකච්ඡාව යන අතරේ, නැවත වතාවක් දියණියගේ කාමරෙන් දියණියගේ හඬ ඇහෙනවා. පුංචි පැටික්කිය ආපහු තමන්ගේ අම්මාගෙන් අහන්නේ “දැන්ම එන්නේ නැද්ද අම්මේ…. තව වෙලා යාවිද?” කියලා. “නවසීලන්තේ අගමැතිනිය වුණත් දුව නිදිකරවන වෙලාවට නිදිකරවන්න වෙනවා” කියලා ජෙසින්ඩා අගමැතිනිය සාකච්ඡාව නවත්වලා දුව නිදි කරවන්න යනවා. මේ අපූරු සිදුවීම සමාජ මාධ්‍ය වගේම, විදෙස් මාධ්‍ය වලත් නෙත ගැටුණු හරිම අපූරු සිදුවීමක් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50