spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියණිය කෙලෙසූ පොලිස් සැරයන් සැඟව සිටිය දී අත්අඩංගුවට

වයස අවුරුදු 15ක තම දියණියව දූෂණය කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් නාරම්මල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බමමබලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.

නාරම්මල, දෙඹටහලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු පොතුහැර, බටගම්මන, තලවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ දිනයක දී සැකකරු විසින් තම දියණියව මෙලෙස දූෂණය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ, අනුව සිදුකළ විමර්ශනයක දී සැකකරු එතෙක් තමන් පදිංචිව සිටි නිවසින් අතුරුදහන්ව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

සැකකරු පොතුහැර ප්‍රදේශයේ නිවසක සැඟ වී සිටින බවට ලද තොරතුක් අනුව නාරම්මල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් ඊයේ (06) දිනයේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් සැරයන්වරයා නාරම්මල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
3
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?