දියණිය අපයෝජනය කළ පියා සොයා පොලිස් පරීක්ෂණ – සුළු මව රිමාන්ඩ්

වයස අවුරුදු 11ක බාලවයස්කාර තම දියණිය ඇඳක තබා අත් පා ගැට ගසා සුළු මව ද ඉදිරියේ දූෂණය කළ පුද්ගලයෙකු සොයා අත්තනගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරිය දූෂණය කිරීමට අනුබල දුන් කුඩම්මා ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර පියා අත්තනගල්ල හාල්පන්දෙනිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින වයස අවුරුදු 11 වූ බාල වයස්කාර දැරිය වසර 2ක් තිස්සේ කෲර වධහිංසා පමුණුවා දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වනවා.

වයස අවුරුදු 09 සිට මෙම දැරිය පියා විසින් දූෂණයට ලක් කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

දියණියන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලේ බාල දියණියට මේ වන විට වයස අවුරුදු 9ක් වන අතර දූෂණයට ලක් වූ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 11ක්.

මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි වී සිටියදී සැකකාර පියා සිය නිත්‍යානුකූල බිරිඳ නිවසින් එලවා දමා ඇති අතර පසුව වෙනත් විවාහයක් සිදු කර දැරියන් දෙදෙනා ද සමග අත්තනගල්ල ප්‍රදේශයට පැමිණ කුලී නිවසක පදිංචි වී සිට තිබෙනවා.

සැකකරු එහිදී බාල දියණිය කාමරයෙන් එළියට ඇද දමා එවකට වයස අවුරුදු 9ක් වූ වැඩිමහල් දියණිය ඇඳ මත තබා අතපය රෙදි පටිවලින් බැඳ සුළු මව ද ඇඳේ සිටියදී දූෂණයට ලක් කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

දැරිය ඇඳ මත තබා ගැට ගැසීමට අවශ්‍ය රෙදි පටි ලබාදී ඇත්තේ සුළු මව බවත් දැරිය දූෂණයට ලක් ලක්කිරීමෙන් අනතුරුව රුධිරය තැවරුණු දැරියගේ ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සෝදා දමා ඇත්තේ ද සැකකාර කාන්තාව විසින් බවට පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.

සැකකාර පියා විවාහ වීමට පෙර යුද හමුදාවේ සේවය කර ඇති අතර ඔහු සතුව ගිනි අවියක් තිබෙන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.

තමා සතුව ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් ද තිබෙන බවත් සිද්ධිය සම්බන්ධව කිසිවකුට හෝ පැවසුවහොත් අතපය කපා දමා මරා දමන බවට සැකකරු අදාළ දියණියට තර්ජනය කර ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරිය මේ වන විට වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය ශල්‍යකර්මයක් සඳහා රාගම මහ රෝහල වෙත යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරිය පාසලේ පන්ති භාර ගුරුවරිය සමඟ මෙම සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව අත්තනගල්ල පොලිසියේ කණ්ඩායමක් දැරිය පදිංචිව සිටින නිවසේ පසුගිය ජුලි මස 31 වනදා සිදු කළ වැටලීමකදී දැරියගේ සුළු මව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පියා නිවසෙන් පළා ගොස් ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14