spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියණියගේ ආරවුලට මැදි වූ පියා ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ, අළුතැපොල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (28) සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ අළුතැපොල, දූනගහ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඇය එම පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක දී පියා මැදිහත් වූ අවස්ථාවක එම පුද්ගලයා විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (29) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
3
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?