දියණියගේ ආරවුලට මැදි වූ පියා ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ, අළුතැපොල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (28) සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ අළුතැපොල, දූනගහ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඇය එම පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක දී පියා මැදිහත් වූ අවස්ථාවක එම පුද්ගලයා විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (29) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20