දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ධුරය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ට (වීඩියෝ)

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මීට වසර 27කට පෙර ඝාතනයට ලක්වූ දිඹුලාගල හාමුදුරුවෝ හෙවත් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් ගෙනගිය ආගමික, ශාසනික, ජාතික, මෙහෙවර සිදු කිරීමට තමා උපරිම ක්‍රියා කරන බව අභිනයෙන්, පත්වූ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පවසනවා.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව, දායක කාරකාදීන් මෙන්ම ප්‍රදේශවාසීන් විසින් අද දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සූදානම් කර තිබූ දිඹුලාගල නාහිමි පිළිගැනීමේ උත්සවයකට වැඩම කරමිනුයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.

අමරපුර ධර්මරක්ඛිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 27 වනදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව ආරණ්‍ය සේනාසනාධිපති ලෙස දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පත් කරනු ලැබුවා.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පැවති අතර මෙහි දී අපවත් වී වදාළ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් වහන්සේ සහ මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේලාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද රාහුලාලංකාර නාහිමියන් කටයුතු කළා.

දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පස්වන වරට පත් සේනාසනාධිපති නායක ස්වාමීන් වහන්සේයි.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට වෙහෙර විහාරස්ථාන 120 කට ආසන්න සංඛ්‍යාවක්, පිරිවෙන් 5ක් මෙන්ම විශාල භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවක් ද ඇතුළත්.

ආරණ්‍ය සේනාසනයේ සංවර්ධනය වෙනුවෙන් සහ උතුරුමැද, නැගෙනහිර දෙපළාතේ ජනතාව මෙන්ම ප්‍රදේශයේ ගොවි කම්කරුවන් මුහුණ දෙන ගැටලුවලට තමා සෘජුවම සම්බන්ධ වෙමින්, ඒවා විසඳීමට පවතින රජයත්, දේශපාලන අධිකාරියත් සමඟ ක්‍රියා කරන බව ද නා හිමියන් සඳහන් කළා.

පළාතේ ගොවි ජනතාව සහ ජනතාව පොදුවේ මුහුණ දෙන පොදු ගැටළු කඩිනමින් විසඳා ගැනීමට දිඹුලාගල නාහිමියන් ක්‍රියා කළ ආකාරයෙන් මහා සංඝරත්නය, හා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකරන බව ද මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් රාහුලාලංකාර නාහිමියන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38