spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිමුත් සහ මෙන්ඩිස්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාගත සබඳතාවක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ, ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි කඩුල්ලට වෙනුවෙන් වැඩිම සබඳතාක් ගොඩනඟමින්.

ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 152ක්.

පන්දු 277කදී මෙම වාර්තාගත සබඳතාව ගොඩනැගුණු අතර ඔවුන් මෙලෙස බිඳ දැමුවේ 2007 වසරේ කුමාර් සංගක්කාර සහ මාවන් අතපත්තු එක්ව පිහිටුවා තිබූ ලකුණු 143 සබඳතාවයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 184ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 364ට වඩා තවත් ලකුණු 180ක් පිටුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?