දිමුත් සහ මෙන්ඩිස්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාගත සබඳතාවක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ, ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි කඩුල්ලට වෙනුවෙන් වැඩිම සබඳතාක් ගොඩනඟමින්.

ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 152ක්.

පන්දු 277කදී මෙම වාර්තාගත සබඳතාව ගොඩනැගුණු අතර ඔවුන් මෙලෙස බිඳ දැමුවේ 2007 වසරේ කුමාර් සංගක්කාර සහ මාවන් අතපත්තු එක්ව පිහිටුවා තිබූ ලකුණු 143 සබඳතාවයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 184ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 364ට වඩා තවත් ලකුණු 180ක් පිටුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16