spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිමුත් නායකත්වය හැරයාමේ තීරණයක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු නායකත්වයට සමුදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් පැවසුවේ.

නවසීලන්ත කණ්ඩායම සමඟ අද (20) නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී දිමුත් මේ බව සඳහන් කළ අතර, තම තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව දෙසින් තවමත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මීළඟ ටෙස්ට් ලෝක ශූරතාව සඳහා නව නායකයෙක් යටතේ කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණ ඇතිව තමන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?