දින 42ක් හිරේ සිටි RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප

දින 42ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නුවන් කුමාර ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට අද නියෝග කළා.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියෝග කළේ රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මෙම සැකකරුවන් මුදා හැරීමටයි.

අල්ලස් ලෙස ලබාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 40ක මුදලක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මඟින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.