spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින 40 ක සූක්ෂ්ම මෙහෙයුමකින් ඉන්දීය ධීවරයින් 88 ක් අල්ලලා

නීති වි‍රෝධි ලෙස උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සමගින් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදියි.

එහිදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරෙයි වරාය වෙතට රැගෙන ඒමෙන් පසුව මයිලිඩ්ඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙත බාරදීමටයි නාවික හමුදාව පියවර ගනු ලැබුවේ.

මේ අතර, වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව අනාවරණ කරනවා.

එම ධීවරයන් ධීවර කටයුතුවල නිරතවූ ධීවර යාත්‍රා 12 ක් ද නාවික හමුදාව භාරයට ගෙන නීතිමය පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?