දින 40ක සිට අතුරුදන් වූ ත්‍රීරෝද රථ රියදුරුව සොයා ඩ්‍රෝන තාක්ෂණයෙන් විශේෂ මෙහෙයුමක්

නාඳුනන කාන්තාවක් සමග ත්‍රී රෝද රථයෙන් කුලී ගමනක් ගිය අතරවාරයේ දී මීට දින 40කට පමණ ඉහතදී අබිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර බදුවිල – වෙල්යායේ සඟවා ඇත්දැයි යන සැකයෙන් ගුවනින් සහ ගොඩබිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා අංශයේ නිලධාරීන්, පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම හිරණ පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධවයි.

සඳුන් උදාර අල්විස් නමැති පානදුර කිරිබේරිය – ගල්පොත්ත පාරහි පදිංචි 31 හැවිරිදි මෙම ත්‍රීරෝද රථ රැකියාවේ නියුතු එක්දරු පියා ඉකුත් අගෝස්තු මස 03 වැනි දින අවසන් වරට පානදුර – කිරිබේරිය ත්‍රීරෝද රථ ගාලෙන් කුලී ගමනක් පිටත්ව යන්නේ මගී කාන්තාවක් සමගින් බවයි හෙළි ව ඇත්තේ.

ඔහු එම ස්ථානයෙන් එම කාන්තාව සමග කුලී ගමන යන අයුරු එම ත්‍රී රෝද රථ ගාලේම ත්‍රී රෝද රථයක් තබාගෙන කුලී රියදුරු රැකියාවේ යෙදෙන අතුරුදන් වූ තරුණයාගේ පියා සියැසින් දැක තිබෙනවා.

ඔහු එදින රෑ බෝවන තෙක් නිවසට නොපැමිණීමත් , ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතව පැවතීම හේතුවෙන් අතුරුදන් පුද්ගලයාගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් එදිනම රාත්‍රී කාලයේ දී හිරන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කෙරුණා.

රියදුරුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතරවාරයේ දී බණ්ඩාරගම – කිඳෙල්පිටිය, බදුවිල පාරේ ගොවිතැන් කරන පුද්ගලයෙකු එම මාර්ගයේ ගමන් කරමින් සිටියදී මී ගහක් අසල කොළ පාටට හුරු ත්‍රීරෝද රථයක් නවතා තිබෙනු දැක තිබූ අතර එහි තට්ටුව මත හා බිම ලේ තැවරී තිබෙන අයුරුත් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව එම බල ප්‍රදේශයට අයත් කහතුඩුව පොලිස් නිලධාරීන් හා හිරණ පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂාවේදී කේබලයක් දමා සැකසූ උපකරණයක් මෙන් ම ඊට අඩි 10 ක් පමණ ඈතින් ත්‍රීරෝද රථ රියදුරු අවසන් වරට පැළඳ සිටි කැප්තොප්පිය ද සොයා ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සළිඳු නමැත්තා විදේශගතව සිටිය දී එවකට මෙරට සිටි නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලවා සලිඳුට අයත් යම් දෙයක් සොරකම් කිරීමේ සිද්ධියකට මෙම ත්‍රීරෝද රථ රියදුරු සහ වඳුරාමුල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයකු 2021 ජූලි මස 12 වෙනි දින පැහැරගෙන වඳුරාමුල්ල ප්‍රදේශයේ සූසාන භූමියට රැගෙන ගොස් පහර දී තිබූ අතර එහිදී මෙම අතුරුදන් ත්‍රීරෝද රථ රියදුරු මියගිය ආකාරයට සිට තිබෙනවා.

අනිත් පුද්ගලයා එහිදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර දුන් පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යාමෙන් අනතුරුව රියදුරු එම ස්ථානයෙන් පලා විත් තිබෙනවා.

එම සිද්ධීයෙන් අනතුරුව නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විදේශ රටකට පලා ගොස් තිබූ අතර එම ඝාතනයේ ඇසින් දුටු එකම සාක්ෂිය මෙම අතුරුදන් ත්‍රිරෝද රථ රියදුරු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පවසනවා.

මේ වන විට විදේශගතව සැඟවී සිටින නිලංගා නමැත්තා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ත්‍රීරෝද රථ රියදුරුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිරිබේරිය ත්‍රී රෝද රථ ගාල අසල සිට බදුවිල වෙල්යාය අසල දක්වා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි සී.සී.ටී.වී කැමරා දර්ශන 50 ක් පමණ ලබාගෙන ඔහුගේ බිරිඳ ඇතුළු සමීප ඥාතීන් මෙන්ම පුද්ගලයන් 38 ක දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් වැඩිදුරටත් සඳහන් කරනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජි. පි. හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් ඩ්‍රෝන කැමරා දෙකක් යොදවා බදුවිල මාර්ගයේ අක්කර 97කින් යුත් වෙල්යාය දෙපස කැලෑ ප්‍රදේශය ආවරණය වන පරිදි පැය තුනකට අධික කාලයක් පරික්ෂා කළ ද කිසිදු වැදගත් හෝඩුවාවක සලකුණු අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ත්‍රිරෝද රථ රියදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබෙන සෑම තොරතුරක් ඔස්සේම පරීක්ෂණ පවත්වන බව විමර්ශන නිලධාරිහු පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න, අධ්‍යක්ෂ මංගල දෙහිදෙණිය මහත්වරුන්ගේ උපදෙස් මත මහජන පැමිණිලි අංශයේ නිලධාරින් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් විමර්ශන කටයුතුවල යෙදී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01