දින 3ක් සුරාසැල් වැසේ

වෙසක් උත්සව සැමරුම නිමිත්තෙන් දිවියිනේ සියලුම මත්පැන් අලෙවි සැල් දින 3ක් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මස 4, 5 සහ 6 යන දිනයන්වලදී දිවයින පුරා සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇති.

මෙම නියෝගයට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.