දින 100ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක් – ඉදිරි සති දෙක තීරණාත්මකයි GMOA අනතුරු අඟවයි

රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100ක් ගතවන විට කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර, අඛණ්ඩව 2000සේ සීමාව ඉක්මවා කොරෝනා ආසාදිතයින් 09 වන දිනටත් ඊයේ (17) වාර්තා වූ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 254 දෙනා වාර්තා වූයේ මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන්.

ඊයේ (17) දිනයේ ආසාදිතයින් 2456ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 45,202ක් දක්වා ඉහළ ගියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 677ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස වන 136 දෙනෙකු බියගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම, නිට්ටඹුව ප්‍රදේශයෙන් 83 දෙනෙකු, කඩවතින් 72 කු අලුතින් සොයාගැනුනා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 320 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයෙන් ආසාදිතයින් 52ක්, බොරලැස්ගමුවෙන් ආසාදිතයින් 25 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයින් ආසාදිතයින් 315ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259ක් ඊයේ අලුතින් සොයාගැනුනා.

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් බවයි මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඊයේ දිනයේදීත් මෙරටින් මරණ 19ක් වාර්තා වූ අතර, මරණ 13කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

කොරෝනා ආසාදිතව කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් ජීවිතක්ෂයට පත්වුණා.  

මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.  

මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම සඳහා ඒවාට සේවකයින් ප්‍රවාහනය කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා ද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18