දින 05ක සිට සිසුවියන් දෙදෙනකු අතුරුදන්

දින 05ක කාලයක සිට පාසල් සිසුවියන් දෙදෙනකු අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙක්.

ශෙනුරි කෝෂිමා සමරසේකර සහ තේවින්දි කේෂිකා යන අයයි මෙලෙස අතුරුදන් ව ඇත්තේ.

ඉන් එක් ගැහැනු දරුවෙක් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක් වන 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙක් බවත් වාර්තා වනවා.

අනෙක් දැරිවිය වයස අවුරුදු 18ක් බවයි පැවසෙන්නේ.

මොවුන් දෙදෙනා හොඳම යහළුවන් බවත්; 18 හැවිරිදි දැරිය අතුරුදන් වීමට පෙර දිනයේ දී 15 හැවිරිදි දැරියගේ නිවසට පැමිණ ඇය ව ගෙන ගොස් ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරිවියන්ගේ දෙපාර්ශ්වයේ ම දෙමව්පියන් විසින් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය සහ උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලි කරනු ලැබුවා.

අතුරුදන් වූවන් ත්‍රිකුණාමලය අභයපුර සහ සංගම ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

දියණියන් දෙදෙනා පිළිබඳ ව තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙස ද ඔවුන්ගේ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර මෙම දැරිවියන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56