පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (19) දිනයේ දී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
එහිදී දින 03ක් ඇතුළත බිත්තර සඳහා මිල සූත්‍රයක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා.
මෙරටට බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32.05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව එහි දී අනාවරණය වුණා.
මේ අතර කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කෝප් කමිටු රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.













