දින තුනකට ගාලු – කොළඹ මාර්ගයේ වාහන සීමා කෙරේ

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (24) සිට අනිද්දා (26) දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරහැර අද (24) දිනයේ දහවල් කාලයේද හෙට (25) සහ අනිද්දා (26) දිනයන්වල රාත්‍රීයේද වීදි සංචාරය කෙරෙනවා.

අද දිනයේ පෙරහැර පැවැත්වෙන පස්වරු 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදීත් හෙට සහ අනිද්දා රාත්‍රී 07.00 සිට පසු දින අලුයම 02.00 දක්වා කාලයේදීත් හික්කඩුව සිට කහව හන්දිය දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.

පෙරහැර වීදි සංචාරය කරනු ලබන එම කාල සිමාවන් තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්