දිනේෂ් ෂාෆ්ටර් මරණයේ රහස හොයන්න මවගේ DNA සාම්පල

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරික්ෂණ සදහා ඔහුගේ මවගේ DNA වාර්තා කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල බැද දමා සිටියදී ෂාෆ්ටර් මහතා හමුවේ පසුගිය දෙසැම්බර් 15 වනදායි. අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගියා.

ඔහුගේ මරණය මිනීමැරුමක් ද යන්න පිළිබද සවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ෂාෆ්ටර් මහතාගේ දේහය පසුගියදා ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරාපිටියට ශික්ෂණ රෝහලට යොමු කෙරුණ අතර පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගිනුයි මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කරනු ලබන්නේ.

සිදු කෙරෙමින් පවතින දෙවන පශ්චාත් මරණ පරික්ෂණයට අදාළව දිනේෂ් ෂාප්ටර් මහතාගේ DNA සාම්පල තහවුරු කර ගැනීම සඳහායි ඔහුගේ මවගේ රුධිර සාම්පල ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46