දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයේ ප්‍රගතිය සොයන්න පොලිස්පති CIDයට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා විමර්ශන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවී උපදෙස් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉකුත් 15 වැනි දින ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අනාථ පැත්ත යැයි හඳුන්වන ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී සොයා ගැනුණා.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දීයි පැය පහකට පමණ පසු ජිවිතක්ෂයට පත්ව තිබුණේ.

අදාළ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිඳ, නැන්දම්මා ඇතුළු 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර CCTV කැමරා දර්ශන 60 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඊට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14