දිනේෂ් චන්දිමාල් වාර්තා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් අද ටෙස්ට් ලකුණු 5000 රැස් කළ 11 වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා.

නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ලකුණු 25ක් ලබා ගනිමිනුයි චන්දිමාල් මෙම සන්ධිස්ථානයට ළඟා වූයේ.

දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරමින් සිටින්නේ ඔහුගේ 71 වැනි ටෙස්ට් තරගයටයි.

2011 වසරේ සිය මංගල තරගයට පිවිසීමෙන් පසු චන්දිමාල් ටෙස්ට් ශතක 13ක් සහ අර්ධ ශතක 24ක් ලබාගෙන තිබෙනවා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේ පළමු ඉනිමේදී ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළා.

ඔහු මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ තුන්වන ස්ථානයේ යි පසු වන්නේ.

ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කළ අතර නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 373ක් ලබා ගැනීමට සමත් වුණා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටිනවා. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 27ක් ලබා පන්දුවට පහරදෙමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31